Home / Easy With PC / Speed up my computer easy

Speed up my computer easy

PC එකේ speed එක වැඩි කරගමු

මේ post එකෙන් මම ඔයාලට කියන්නෙ ඔයාලගෙ PC එක slow වෙන එකට කරන්න පුලුවන් පිලියම් කීපයක්.

මේකට අපි දෙවල් කීපයක්ම කරන්න ඕනෙ.

පලවෙනි දේ කරන්න නම් task manager එකට යන්න ඕනෙ. (task manager එක ගැන)
දැන් task manager එකේ උඩ තියන tab වලින් Startup එකට යන්න ඕනෙ

එතනට ගියපුවාම ඔයාලට පේනව ඇති ඔයාල install කරල තියන application කිහිපයක් එතන තියන list එකේ පෙන්නනව ඒ ලිස්ට් එකේ පෙන්නන්නෙ ඔයාලගෙ PC එකේ install කරල තියන, ඔයාලගෙ PC එක on වෙද්දි automatically run වෙන application/softwares ටික. මෙතන සමහර application තියනව startup එකේදි open උනාට අපිට විශේෂ වාසියක් නැති application,
උදාහරණයක් විදියට මගේ PC එකේ BitTorrent, Softwares & Drivers වගේ application startup එකේදි open වෙලා වැඩක් නෑ ඉතින් මේ වගේ application නවත්තන්නනම් කරන්න ඕනෙ.
ඒ application එක උඩින් click කරල පල්ලෙහා දකුණු පැත්තෙ තියන Disable button එක උඩ click කරන එක.

මම දෙවෙනි වැඩේ කරන්නයි ලෑස්ති වෙන්නෙ
ඒකට controll panel එක open කරගන්න ඕනෙ.
දැන් ඒකෙ උඩ වම් පැත්තෙ තියන search box එකේ perfomance කියල search කරනව

එතකොට එන search result එකේ system කියන එක යටින් තියන Asjust the appearance and perfomance of Window කියන එක උඩින් click කරනව. එතකොට ඔයාලට එන window එකෙන් Adjust for best perfomence කියන එකට tik එක දාන්න එත්කොට ඔයාලට පෙනේවි පල්ලෙහයින් තිබුන ලිස්ට් එකේ තිබුන tik ටික නැති වෙලා යනව.

එතන ලිස්ට් එකේ තියෙන්නෙ, PC එකේ ආකර්ශනීයත්වය වැඩි කරගන්න පාවිච්චි කරන effect ටික.
ඔයාලට ඕනෙනම් ඔයාට කැමති විදියට පල්ලෙහයින්ම තියන ලිස්ට් එකේ effect ටික වෙනස් කරගන්නත් පුලුවන් මේ effect අයින් කරන් එකෙන් හුගක් දුරට PC එකේ slow ගතිය අඩු කරගන්න පුලුවන්.

අපි කරන්න ඕනෙ ඊලග දේ තමා PC storage එකේ තියන temp file delete කරන එක ඒකට අපි temp folder එකට යන්න ඕනෙ.

ඒකට Ctrl+R ප්‍රෙස්ස් කරල එන Run එකේ %temp% කියල type කරල enter press කරන්න ඕනෙ. දැන් එතන තියන file ඔක්කොම ටික select කරල Shift+Delete කරන්න ඕනෙ. එතකොට file ටික Recycle bin එකට යන්නෙ නැතුව permanently delete වෙනව. (delete කරද්දි extract කරපු WinRAR file වගෙ…. ඒ වෙලාවෙ පාවිච්චි කරන application වල files delete වෙන්න පුලුවන්)

ඊලගට මම කියල දෙන්න යන දේ පාවිච්චි නොකරනවනම් වඩාත් හොදයි.
මේකෙන් ඔයාලගෙ PC එකට හානියක් වුනොත් මගේ වග කීමක් නෑ.
නමුත් මේ ක්‍රමේ දැනගෙන ඉන්න එක වටිනව.

ඒකටත්… කලින් විදියටම Run window එක open කරගෙන ඒකෙ msconfig කියල type කරල enter කරන්න එතකොට එන පොඩි window එකේ boot කියන tab එකට යන්න.

එතකොට ඔයාලට පෙනෙවි එතන Advanced option කියල button එකක් තියනව ඒක උඩ click කරපුවාම ඔයාලට තවත් පොඩි වින්ඩොව් එකක් එයි BOOT advanced option කියල ඒකෙ Number of processors එකට tik එක දාපුවම තියන drop down menu එකේ තියන්නෙ ඔයාගෙ PC එකේ ඵ්‍ processors එකේ තියන cores ගාන.

ඊට ඉස්සරහින් තියන Maximum memory කියන එකට tik එක දාපුවම තියන box එකේ ඔයාලගෙ RAM එක usage එක වෙනස් කරන්න පුලුවන්.
ඒ වගේ ගොඩාක් System settings වෙනස් කරන්න පුලුවන් මේ System configuration කියන window එකෙන්
ඒක නිසා ඔයා මේක පාවිච්චි කරන්න බලපොරොත්තු වෙනවනම් ටිකක් අවදානයෙන් පාවිච්චි කරන්න.

Ravindu Creation

රවිදු සේනාරත්න

post එක ගැන ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා පහල comment කරන්න
අනික් අයටත් දැනගන්න share කරන්න
Contact form එකෙන්ඉස්සරහට කොයි වගෙ post ද ඕනෙ කියල මට message කරන්න

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *