Home / CMD Tricks / How to shutdown or restart my computer by a timer

How to shutdown or restart my computer by a timer

Timer එකකට අනුව ඔයාලගෙ computer එක shutdown නැත්නම් restart කරමු.

මම අද ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද CMD එක පාවිච්චි කරල අපේ PC එක timer එකකට අනුව shutdown නැත්නම් restart කරන්නෙ කියල.

පලවෙනියටම ඔයා Command Prompt/Powershell එක open කරගන්න.(cmd/powershell එක open කරගන්න විදිය බලගන්න මෙතන ක්ලික් කරන්න)

දැන් අපි CMD එක open කරගෙන ඉන්නෙ දැන් අපිට තියෙන්නෙ shutdown කරගන්න හරි restart කරගන්න හරි ඕනෙ කරන code මොනවද කියල අදුරගන්න එක.

මම පලවෙනියටම shutdown කරන code එක type කරනව .
ඒ code එක තමා
shutdown -s -t 3600
මේ code එකේ -s එකෙන් කියවෙන්නෙ shutdown කියන එක ඒ වගෙම -t එකෙන් වෙලවක් අතුලත් කරනව කියන එක කියවෙනව.
මේ code එක type කරද්දි -t එකට පස්සෙ මම 3600 කියල type කරල තියනව.
මම එතන 3600 කියල දාල තියෙන්නෙ shutdown වෙන්න ගන්න ඕනෙ කාලය, අනික තමා අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනෙ දෙයක් තමා අපි මේ code එකට දෙන කාලය හැම වෙලෙම දෙන්න ඕනෙ තත්පර වලින්
ඒ වගේම අපි මේ code එක type කරල enter කලාට පස්සෙ ඔයලට පල්ලෙහයින් notification එකක් පෙන්වයි
පල්ලෙහා තියන image එකේ ඔයාලට පේනව ඇති notification එක පෙන්නන්නෙ කොහොමද ඒ වගේම code එක කොහොමද type කරල තියෙන්නෙ කියල

ඒ වගේම අපි දැනගන්න ඕනෙ කොහොමද මේ shutdown timer එක නවත්තන්නෙ කියල
ඒකට බොහොම සුලු දෙයක කරන්න තියෙන්නෙ
ඔයාල කලින් command prompt එක close කරලනම් තිබුනෙ ඒක open කරගන්න.
එහෙමත් නැත්නම් කලින් open කරගත්ත CMD console එක තිබුනනම් ඒකෙම මේකත් type කරන්න පුලුවන්.
ඔයල type කරන්න ඕනෙ code එක තමා
shutdown -a
මේක type කරට පස්සෙත් කලින් වගෙම notification එකක් පෙන්වයි shutdown timer එක නවතුනා කියල.

 

දැන් අපි බලමු කොහොමද restart timer එකක් දාන්නෙ කියල.

කලින් වගෙම CMD එකේ
shutdown -r -t 3600
මේ code එකේ -r එකෙන් කියවෙන්නෙ restart කියන එක
කියල type කරල enter press කරන්න කලින් වගේම ඔයාලට notification එකක් පෙන්වයි.

ඒකත් කලින් shutdown timer එක stop කරන්න යොදාගත්ත code එකෙන්ම මේකත් stop කරන්න පුලුවන්

මේ shutdown timer එක stop කරන code එක අපිට හුගක් වැදගත් වෙනව
සමහර පොඩි virus තියනව ඒව open උනොත් ඒකෙන් shutdown timer එකක් active වෙනව මේ ක්‍රමෙ දැනගෙන හිටියොත් ඔයාට පුලුවන් ඔයලගෙ PC එක shutdown වෙන්න කලින් නවත්තගන්න.

post එක ගැන ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා පහල comment කරන්න
අනික් අයටත් දැනගන්න share කරන්න
ඉස්සරහට කොයි වගෙ post ද ඕනෙ කියල මට message කරන්න

Ravindu Creation

රවිදු සේනාරත්න

About Ravindu Senarathna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *